Saturday, October 7, 2017

මගේ මුල්ම පළකිරීම

ඔන්න ඉතින් මමත් හිතුවා බ්ලොග් එකක් පටන්ගන්න ඕනේ කියලා. මේක සෑහෙන කාලයක් තිස්සේ හිතාගෙන හිටපු දෙයක්. ඒ වුණාට එක එක හේතු නිසා ඒක මඟහැරිලා ගියා. කොහොම හරි ඉතින් දෙයියන්ගේ පිහිටෙන් පොල්ලෙන් ගැහුවා වගේ හිතුණා මක්ක හරි කරන්න ඹ්නේ කියලා.

අද අපේ රටේ තියන ලොකු ප්‍රශ්නයක් තමයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන දුර්වලකම. ඒකට එක හේතුවක් තමයි අවම භාවිතාව සහ ඉංග්‍රීසි භාෂාවේ තියෙන් මූලික ව්‍යාකරණ රීති ආදිය පිළිබඳව නිවැරදි අවබෝධයක් නැතිකම. ඉතින් මං කල්පනා කලා මේ බ්ලොග් එක පාවිච්චි කරලා ඉංග්‍රීසි භාෂාවේ අපි කාටත් තියෙන ව්‍යාකරණ ප්‍රශ්න කතා කරන්න, ඒවාට විසඳුම් හොයාගන්න, අපිට තිබුණ සැකයන් දුරුකරගන්න උදව් වෙන විදියට මේ බ්ලොග් එක පාවිච්චි කරන්න.

මං මේකෙන් උත්සාහ කරන්නේ එක් එක් ව්‍යාකරණ කොටස් පිළිබඳ සිංහල භාෂාවෙන් නිරවුල් පැහැදිලි කිරීමක් කරන්න තමයි. ඒ වුණාට මං ඉංග්‍රීසි පිළිබඳ මහාචාර්යවරයෙක් නෙමෙයි. ඒක නිසා ඉතින් පොඩි අඩුපාඩුවක් දෙකක් (ඒ කියන්නේ වැරදියි කියන එක නෙමෙයි) තියෙන්න ඇහැකියි. හැබැයි මං උත්සාහ කරනවා මගේ උපරිමයෙන් නිවැරදිතාවය ආරක්ෂා කරගෙන උදාහරණත් එක්ක සරලව සිංහලෙන් පැහැදිලි කරන්න.

ඉතින් කොහොමහරි මං බලාපොරොත්තු වෙනවා ඉංග්‍රීසි හෝඩියේ ඉඳලම අපිට තියෙන ගැටළු ගැන කතා කරන්න. මං ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා ඔයාලා දන්න දේත් මේකේ පළ කරන්න කියලා. ඒ වගේම Comments, Suggestions ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මම ඇහැකි තරම් ඉක්මනට, ඒ කියන්නේ අද හෙටම මගේ පළවෙනි Post එක Publish කරන්නම්. එහෙනං ඉතින් කාට කාටත් සුභ අනාගතයක්......

No comments:

Post a Comment