පළමුවෙනි පාඩම - Alphabet වචනය හැදුණ හැටි
Alphabet (හෝඩිය) කියන්නේ අපි කවුරුත් පොඩි කාලේ ඉඳලම අහලා තියෙන වචනයක්. ඒ වගේම හැම භාෂාවකටම හෝඩියක් තියෙනවා. යම් භාෂාවක තියෙන අකුරු සියල්ල යම් නිශ්චිත පිළිවෙලකට සකස් කරාම ඒකට අපි හෝඩියක් කියලා කියනවා. කොහොම වුණත් ගොඩාක් අය දන්නේ නැතුව ඇති Alphabet කියන වචනය හැදුන හැටි. අපි බලමු කොහොමද ඒක හැදිලා තියෙන්නේ කියලා.....
ඔයාලා දන්නවා ඇති ග්‍රීක හෝඩිය ගැන. ඉස්කෝලෙදි නං 9 ශ්‍රේණියේ විද්‍යාව පාඩමකදි තමයි මේක මුලින්ම දැනගන්න ලැබෙන්නේ.
ග්‍රීක හෝඩිය දැකලා නැත්නම් බලාගන්නකෝ
ග්‍රීක හෝඩියේ පළමුවෙනි අකුර තමයි Α α (Alpha)
ග්‍රීක හෝඩියේ දෙවෙනි අකුර තමයි Β β (Beta)
ඉතින් මේ Alpha කියන වචනෙයි, Beta කියන වචනෙයි එකතු වෙලා, ඒකෙන් Beta කියන වචනේ අන්තිමට තියන a අකුර ඉවත් කරලා තමයි Alphabet කියන වචනය හැදිලා තියෙන්නේ.....
තේරුණේ නැත්නම් මේක බලන්නකෝ
Alpha + Beta - a = Alphabet
දැන් තේරුණා නේද?
එහෙම නං දැන් ඔයාලා හැමෝම දන්නවා අපි පොඩි කාලේ ඉඳන්ම කියන Alphabet කියන වචනය හැදිලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් දන්නේ නැති අයට දැනගන්නත් එක්ක ඔයාලාට පුළුවන් ඔයාලාගේ යාළුවෝ, සහෝදර සහෝදරියෝ අතරේ මේක Share කරගන්න.
මේක තමයි ඉතින් මගේ පළමු පාඩම. මගේ දෙවනි පාඩම විදියට මම ඉංග්‍රීසි හෝඩිය ගැන හැමෝම නොදන්න, වැදගත් කරුණු ටිකක් අරගෙන ඉක්මනින්ම ඔයාලාව මුණගැහෙන්න එන්නම්. එතෙක් සියළු දෙනාටම සුභ අනාගතයක්......